ඊයේ රාත්‍රියේ සිට මත්ද්‍රව්‍ය සාදයක් පැවැත් වූ 07ක් අත්අඩංගුවට | දිනමිණ

ඊයේ රාත්‍රියේ සිට මත්ද්‍රව්‍ය සාදයක් පැවැත් වූ 07ක් අත්අඩංගුවට

නිරෝධායන රීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ (16) රාත්‍රියේ සිට අද (17) දහවල් දක්වා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 07 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 
ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වේ. රාජගිරිය ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබේ.

නව අදහස දක්වන්න