වරාය සියලු පර්යන්ත අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාමට උපදෙස් | දිනමිණ

වරාය සියලු පර්යන්ත අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාමට උපදෙස්

රටට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිසිඳු අකාරයකින් අඩාල නොවීම සහ අපනයන බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍යම සේවාවක් ලෙස වරාය සහ ඒ ආශ්‍රිත සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය වේ. ඒ වෙනුවෙන් විශේෂ සංචාරයක් අද (18) කොළඹ වරාය පරිශ්‍රයේ  වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිදු කරන ලදි.
 
වරාය සියලු පර්යන්ත අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාම ප්‍රමුඛ අරමුණයි.
 
පළමු හා දෙවන කොවිඩ් රැල්ලේ අත්දැකීම් අනුව ගැටලුවක් ඇති නොවන ලෙස වරාය මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා ලබා දුන්නේය.
 
මේ වන විට වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගෙන් 99% ක පිරිසකට කොවිඩ් මර්ධන එන්නත් සිදුකර ඇති අතර දෙවැනි මාත්‍රාවද ලබා දී ඇත. 
 
ඉදිරියේදී වරාය හා නාවික ක්ෂේත්‍රයට අනුබද්ධ සියලු පාර්ශවයන් ඉදිරියේදී එන්නත් කරනය සිදු කිරීමට ද බලාපොරොත්තුවේ.
 
මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම්,වරාය අධිකාරියේ සභාපති, උප සභාපති ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න