බියගම හා කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් | දිනමිණ

බියගම හා කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

බියගම කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ පැය 16 ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
 
බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා ඇළ නගරසභා බලප්‍රදේශවලටත් කටුනායක, සීදූව නගරසභා බලප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවනු ඇත.
 
මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ ප්‍රදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
 
ඒ අනුව හෙට පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
 
සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
 
එමෙන්ම එළඹෙන බ්‍රහස්පතින්දා (20) පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

නව අදහස දක්වන්න