එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් එවූ ඊමේල් පණිවිඩය දේශීය නැව් සමාගම මකා දමලා | දිනමිණ

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් එවූ ඊමේල් පණිවිඩය දේශීය නැව් සමාගම මකා දමලා

සිරන්ජනි කුමාරි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයට පැමිණීමේ දි නැවේ කපිතාන්වරයා විසින් දේශීය නැව් සමාගම් නියෝජිත ආයතනය වෙත එවූ ඊමේල් පණිවිඩ දේශීය නැව් සමාගම විසින් මකා දමා ඇති බව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙරේදා (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ අනාවරණය කර සිටියේය.

මේ වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවේ නිලධාරීන්ගෙන් ගන්නා ලද ප්‍රකාශ වලදී මේ බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවැසීය.

නෞකාව ගිනි ගැනීමට දින 10කට පෙර සිටම එහි ගබඩා කර තිබු නයිට්‍රික් ඇසිඩ් බහලුම්වලින් කාන්දුවක් සිදු වන බව කපිතාන්වරයා හා කාර්ය මණ්ඩලය දැනුම්වත්ව ඇති බවත් මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස කටයූතු කළ ආයතනයට ද දැනුම් දී ඇති බවත් එම ඊමේල් පණිවිඩය දේශීය ආයතනය විසින් මකා දමා ඇති බව විමර්ශනවලදී ගන්නා ලද ප්‍රකාශවල සටහන් වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවැසීය.

නව අදහස දක්වන්න