එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දු හානි වළක්වන්න සියලු ක්‍රියාමාර්ග ගත්තා | දිනමිණ

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දු හානි වළක්වන්න සියලු ක්‍රියාමාර්ග ගත්තා

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් ඇති වන්නේ නම් එය වළක්වා ගැනීමට සහ එයින් යම් හානියක් වන්නේ නම් හානිය අවම කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගිනි ගැනීමට ලක් වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් දැක ගන්නට ලැබෙන බව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඊයේ (9) වාර්තා කර තිබිණි.

එම තෙල් පැල්ලම මීටර ගණනාවක් දුරට විහිදී ඇති බවට දැක ගන්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මේ පිළිබඳ දැනුම්වත් කළ බවය.

බුද්ධිකා ඉඹුලාන

නව අදහස දක්වන්න