කාබනික පොහොර භාවිතය හොඳ තීරණයක් | දිනමිණ

කාබනික පොහොර භාවිතය හොඳ තීරණයක්

විජිත හේරත්

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කිරීමට ගත් තීරණය හොඳ තීරණයක් බවත් එහෙත් ආණ්ඩුව මතුපිටින් පෙන්වන දේ ඇතුළත නැමැති බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රසායනික පොහොර නවතා දමා රජය පිටරටින් කාබනික පොහොර ආනයනය කිරීමට පියවර ගැනීම මඟින් පැහැදිලිව පෙනී යන්නේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ට මේ රටේ ගොවි ජනතාවගේ ජීවිත බිල්ලට දීමක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න