රනිල් 22දා දිව්රුම් දෙනවාලු | දිනමිණ

රනිල් 22දා දිව්රුම් දෙනවාලු

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා දිනමිණට පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් විය යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගියදා ඒකමතිකව සම්මත කර ගත් අතර ඒ අනුව පුරප්පාඩුව සඳහා මැතිවරණ කොමසාරිස්වරයා වෙත නම් කර යැවීම ලබන සතියේ සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කළ පසු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙනු ඇති බවත් අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේත් රට මුහුණ දී තිබෙන අර්බුදකාරි තත්ත්වය හමුවේ ඒවාට විසඳුම් දිය හැකි එකම නායකයා වන්නේත් පරිනත දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ මහතා බවත් අබේවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න