‘සංචරණ සීමා දීර්ඝ කරනවාද? - නැද්ද? තවම තීරණය කර නැහැ’ | දිනමිණ

‘සංචරණ සීමා දීර්ඝ කරනවාද? - නැද්ද? තවම තීරණය කර නැහැ’

කොවිඩ් මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි

එළැඹෙන 14 වැනිදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැනට පනවා ඇති සංචරණ සීමා මේ 14දා අවසන් වීමට නියමිතව තිබේ. එම දිනයෙන් පසු සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල පළ වන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

නුවන් හෙට්ටිආරච්චි

 

නව අදහස දක්වන්න