නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් 1353 ක් | දිනමිණ

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් 1353 ක්

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කඩකිරීමේ සම්බන්ධව පුද්ගලයන් 1353 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි
 
නිරෝධායන රිතී උල්ලංඝනය සම්බන්ධයෙන් දිනක් තුළ අත්අඩංගුවට පත් වැඩිම පිරිස මෙය වේ
 
ඒ අනුව නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති  සමස්ත සංඛ්‍යාව 31,395 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
 
බස්නාහිර පළාත තුළ ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර අද දිනයේ ද උදෑසන 10 සිට 12 දක්වාත් සවස 3 සිට 5 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි

නව අදහස දක්වන්න