මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් 219 Kg අත්අඩංගුවට | දිනමිණ

මුහුදු මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් 219 Kg අත්අඩංගුවට

නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ  ඊයේ (12)  දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ඇත
 
 බහුදින ධීවර යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කර සැඟවීමට උත්සාහ කළ උර සහ ගෑස් සිලින්ඩර තුළ සූක්ෂම ලෙස මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත
 
 මෙහිදී බහුදින ධීවර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ එම යාත්‍රාවන්හි සිටි ජාවාරමට සම්බන්ධ සැකකරුවන්  09 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
 
මෙම බහුදින ධීවර යාත්‍රාව මැයි මස 11 වන දින මාතර, කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇතැයි සැක කෙරේ.
 
 එමෙන්ම නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ  වටිනාකම රුපියල් මිලියන 1758කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

නව අදහස දක්වන්න