ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් - අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි | දිනමිණ

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් - අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
 
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ.
 
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

නව අදහස දක්වන්න