සංචරණ සීමා හමුවේ ආර්ථික අභියෝග රැසක් | දිනමිණ

සංචරණ සීමා හමුවේ ආර්ථික අභියෝග රැසක්

ජයසිරි මුණසිංහ

- ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති

ඇඟලුම් පිටරට යැවීමෙන් ඩොලර් බිලියන 5ක්, සංචාරක කර්මාන්තයේ ඉපැයීම්වලින් ඩොලර් බිලියන 4ක්, කෘෂිකර්මික ආපනය ආදායමින් ඩොලර් බිලියනයක් ඉකුත් වසරේදී (2020) අඩු වූ ආකාරයේ ම බලපෑමක් මේ වසරේදී (2021) දී ද ශ්‍රී ලංකා ආර්ථිකයට මුහුණපෑමට සිදු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ වසරේ දෙවැනි කාර්තුවේදී එනම් මේ වන විට රට පුරා පනවා ඇති සංචරණ සීමා ඇතුළු දෙස් විදෙස් ආර්ථික අභියෝග හමුවේ මේ බිඳවැටීම් සිදු වනු ඇතැයි ද ඔවුහු කියති.

කොවිඩ් තුන්වැනි රැල්ල වේගයෙන් පැතිරයෑම වැළැක්වීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සීමා කිරීම් නිසා ආර්ථිකයට එල්ලවන බලපෑම පැහැදිලි කරමින් ආර්ථික විශ්ලේෂකයෝ මේ කරුණු අනාවරණය කළහ.

වසර 2020 අප්‍රේල් සිට ජුලි මාසවල ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සෘණ 16.3% ක් විය. එලෙසින්ම මේ වසරේ එම කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ අගයක් ගනු ඇතැයි ලෝක බැංකුව මේ මාසයේ එළිදැක්වූ නවතම සමීක්ෂණ වාර්තාවකින් ප්‍රකාශයට පත් කර තිබේ.

දැනට පවතින වාතාවරණය මත ආර්ථිකයේ වර්ධනය සෘණ අගයක් ගත්තද ඉදිරි කාලයේ එය පෙර වසරේ දී ධන අගයක් ගත් ආකාරයටම ඉහළ යනු ඇතැයි සුභවාදීව සිතිය හැකි බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නව අදහස දක්වන්න