ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනී මාලිනී ගෝවින්නගේ අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනී මාලිනී ගෝවින්නගේ අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක, විශිෂ්ට පරිවර්තිකාවක, ගත්කතුවරියක වූ මාලිනී ගෝවින්නගේ ඊයේ (21) අභාවප්‍රාප්ත වූවාය.

මාදම්පේ කරුක්කුව, සුගතානන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සපිරූ ඇය වෘත්තීය පුවත්පත් කලාවේදිනියක ලෙස ලේක්හවුස් ආයතනයේ දිගු කලක් සේවය කළාය. තරුණි, ඩේලිනිව්ස්, සිළුමිණ ආදී පුවත්පත්වල කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනියක ලෙස ද ඇය කටයුතු කරබ ඇත. ඇය පරිවර්තනය කර සිංහල පාඨක ලෝකයට අත තැබූ කෘතීන් ගණනාවකි. ඇතැම් කෘති රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

කලක් පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටි ඇයගේ අවසන් කටයුතු ඇය අවසන් සමයේ ගත කළ උපන්ගම් ප්‍රදේශය වූ දුම්මලසූරියේ දී සිදු කෙරේ.

නව අදහස දක්වන්න