පටු අරමුණු පසෙකට දමා වයිරසය පරාජයට එක් වෙන්න | දිනමිණ

පටු අරමුණු පසෙකට දමා වයිරසය පරාජයට එක් වෙන්න

පටු අරමුණු පසෙකට දමා මාරාන්තික වයිරසය පරාජය කිරීම සඳහා සියලුදෙනාම එකට එක්වී කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා 'දිනමිණ'ට පැවසීය.

සෞඛ්‍ය අංශ සේවක වැඩ වර්ජන සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා ඉල්ලා සිටියේ යම් යම් පාර්ශ්වවලට තිබෙන සුළු සුළු ප්‍රශ්න සාකච්ඡා මඟින් විසඳා ගතයුතු බවයි.

ඒ මහතා මෙසේද පැවසීය.

කොරෝනා වසංගතය පාලනය කිරීම එක කණ්ඩායමක වගකීමක් නොවේ. හැමෝම එකතු වෙලා කටයුතු කළොත් තමයි මේ සටන ජයගන්න පුළුවන්. සෞඛ්‍ය අංශවල අයගේ විතරක් නෙවෙයි අනෙක් සියලු දෙනාගේ සහය අවශ්‍යයි. ඒ නිසා පටු අරමුණු පසෙකලා එකට එකතු වී කටයුතු කළ යුතුයි.කණ්ඩායම්වලට බෙදිලා අනෙක් පාර්ශ්වවලට පහරදීලා එකිනෙකා ගහගෙන මේ වයිරසය පරාජය කළ නොහැකියි.

වයිරසය දන්නේ නෑ මේ අය මොන පාර්ශ්වේද කියලා. මේ පාර්ශ්වේ ඒ පාර්ශ්වේ කියලා වයිරසය එක එක පැති ගන්නේ නෑ. අපි කොයි කාගෙත් නෑයෝ මිතුරෝ. මේ මොහොතේ වයිරසයට ගොදුරු විය හැකියි.අපි කඹ ඇද ඇද අපේ පටු අරමුණු දිනාගන්න කටයුතු කළොත් අපි ඔක්කොම අනතුරට වැටෙනවා.

ශිරාන් රණසිංහ

නව අදහස දක්වන්න