ෆයිසර් එන්නත් මාත්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය ඇතුළත මෙරටට | දිනමිණ

ෆයිසර් එන්නත් මාත්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය ඇතුළත මෙරටට

ලෝක බැංකුව

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වන ෆයිසර් එන්නත් මාත්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

ෆයිසර් එන්නත් තොගයක් ඊයේ (05) කොළඹට ළඟාවූ අතර, ඒ අනුව මෙම පළමු කාණ්ඩයට අයත් එන්නත් මාත්‍රා 800,000 ක් ඉදිරි සති කිහිපය ඇතුළත ලැබීමට නියමිතව තිබෙන අතර 2021 දෙසැම්බර් වනවිට, ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අරමුදල් භාවිතයෙන් ශ්‍රී ලංකා රජය එන්නත් මාත්‍රා මිලියන පහක් ලබාගැනීමට නියමිත බවද එම බැංකුව සදහන් කරයි.

ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආරක්ෂිත හා ඵලදායී එන්නත්කරණය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට ශ්‍රී ලංකා රජය සහ එහි පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධ වැඩකටයුතු මෙම පළමු එන්නත් තොගය ලබාදීම මගින් සංකේතවත් වනවා යැයි” යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වූ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච්. හදාද් -සර්වෝස් පවසයි. තවත් එන්නත් වර්ග ගණනාවක් පිළිබඳ ඇගයීම් කරමින් සිටින අතර වසර අවසානයේ දී ඒවාද හඳුන්වාදීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වැලඳුනු පළමු රෝගියා 2020 මුල් භාගයේ දී තහවුරු වීමේ සිට, ශ්‍රී ලංකාව වසංගතය සාර්ථකව කළමනාකරණය කර ඇති නමුත් මේ වනවිට කොරෝනා වයිරසයේ තුන්වන රැල්ලට මුහුණ දී සිටින බවද ප්‍රමුඛතාගතකළ හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා ලෝක බැංකුව මගින් ලබාදුන් සහයෝගය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවයට හා රෝගී ප්‍රතිකාර සේවාවන්ට අනාගතයේ දී වසංගතය නිසා ඇතිවිය හැකි හදිසි තත්ත්වයන්ට / කම්පනවලට වඩාත් විධිමත්ව ඔරොත්තු දීමට උපකාරී වනු ඇති බවද ලෝක බැංකුව කියා සිටී.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න