දෙවැනි ධුර කාලයක් සඳහා මීළඟ ජනාධිපතිවරණයට තරග කරනවා ජනාධිපති ගෝඨාභය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කියයි | දිනමිණ

දෙවැනි ධුර කාලයක් සඳහා මීළඟ ජනාධිපතිවරණයට තරග කරනවා ජනාධිපති ගෝඨාභය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කියයි

නැවත වරක් ජනාධිපති ධූරය දැරීම සඳහා මීළඟ ජනාධිපතිවරණයේදී තරග වැදීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ ජනමාධ්‍ය ආයතන සභාපතිවරුන් සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති කාර්යාලෙයේදී පැවැති රැස්වීමකදීය. තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එහිදී කොවිඩ් මර්දනය සඳහා එන්නත් භාවිතයේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම පසුවන රටක් බවට පත්ව ඇති බව ද පෙන්වාදී තිබේ. ජෛව කෘෂිකර්මාන්තයේ සාධනීය ලක්ෂණ ද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා විසින් තවදුරටත් පෙන්වා දී ඇති අතර කාබනික පොහොර භාවිතයෙහි වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සඳහා සහාය දක්වන ලෙස ද මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ. එමෙන්ම එම සාකච්ඡාවේ දී පුනර්ජනනීය බලශක්ති භාවිතය සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අවධානය යොමුව තිබේ.

නුවන් කොඩිකාර

 

නව අදහස දක්වන්න