දුමින්දට දුන් සමාවට එරෙහිව හිරුණිකාගෙන් පෙත්සමක් | දිනමිණ

දුමින්දට දුන් සමාවට එරෙහිව හිරුණිකාගෙන් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති විධි විධාන අනුගමනය කිරීමෙන් තොරව ජනාධිපති සමාව දීමට කටයුතු කර ඇති බැවින් දුමින්ද සිල්වා නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාව ව්‍යවස්ථා විරෝධි බවට ප්‍රකාශ කරන්නැයිද ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ පෙත්සම මඟින් ඉල්ලා සිටින්නීය.

මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා, අධිකරණ ඇමැති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

 

නව අදහස දක්වන්න