එකම දවසේ කොවිඩ් එන්නත් දෙකක් දීලා | දිනමිණ

එකම දවසේ කොවිඩ් එන්නත් දෙකක් දීලා

අසේල කුරුළුවංශ

- කාන්තාව සිහිසුන් වී රෝහලේ
- සැමියා පොලිසි යයි

මහනුවර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ ඊයේ (21) දිනයේදී එන්නත ගැනීම සඳහා ඔගස්ටාවත්ත මධ්‍යස්ථානයට ගිය කාන්තාවකට කොවිඩ් එන්නත් දෙකක් දුන් බව පවසා එම කාන්තාවගේ සැමියා පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ.

එන්නත් දෙකක් දුන් බව කියන කාන්තාව අදාළ ස්ථානයේදී ක්ලාන්ත තත්ත්වයට පත්වීමෙන් පසු එහි සිටි සෞඛ්‍ය සේවකයන් විසින් මූලික ප්‍රතිකාර දී ඇයව නිවෙස වෙත පිටත් කර හැර ඇත.

නිවෙසේදී යළිත් ක්ලාන්ත තත්ත්වයට පත් වූ තම බිරිය පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව එම්. පී. ඩබ්ලිව්. ජයසිංහ මහතා කීය. කාන්තාවකට කොවිඩ් එන්නත් දෙකක් ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කාන්තාවකට දුන් බවට පැමිණිල්ලක් තමන් වෙතද ලැබුණු බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාට දැනුම් දුන් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කීය.

නව අදහස දක්වන්න