Prime Amber Skye මීගමුව අන්තර්ජාලය ඔස්සේ | දිනමිණ

Prime Amber Skye මීගමුව අන්තර්ජාලය ඔස්සේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහය, සයුර අභියස ඉදි කරන සිය නවතම සහ 43 වැනි සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය වෙළෙඳපොළට හඳුන්වා දෙයි. දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත මීගමුව Hotel Roadහි ඉදි වන මේ මනරම් සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය Amber Skye Residencies ලෙස නම් කර ඇත. මේ ව්‍යාපෘතිය යටතේ සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදි කෙරන අතර, එක් නිවාස සංකීර්ණයක් මහල් 19කින්ද අනෙක් නිවාස සංකීර්ණය මහල් 7කින්ද සමන්විත වේ. Amber Skye Residencies සහාධිපත්‍ය නිවාස සංකීර්ණය (condominium) යටතේ ඉදි වන මුළු සුඛෝපභෝගි නිවාස සංඛ්‍යාව 145කි. නිදන කාමර 1 සිට නිදන කාමර 3ක් දක්වා විහිදුණු නවීන මාදිලියේ සැලසුම් සහිත සුඛෝපභෝගි නිවාස පාරිභෝගිකයන්ට තෝරා ගැනීමට මෙහි දී අවස්ථාව හිමි වන අතර, වසර තුනක් දක්වා පහසු ගෙවීම් සැලසුමක්ද දෙයි. රුපියල් මිලියන 19.5න් ඇරඹෙන ආකර්ෂණීය මිල ගණන් යටතේ පසුගිය 17දා සිට Amber Skye Residencies අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයන් වෙත විවෘත කෙරිණ. මේ සඳහා සම්බන්ධ වීමට කැමති පාරිභෝගිකයන්ට 1353ට ඇමතුමක් දීමෙන් හෝ ප්‍රයිම් රෙසිඩන්සීස් ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වී අදාළ ලියාපදිංචිය කළ හැක.

නව අදහස දක්වන්න