ලෝක ධනවතාගේ අභ්‍යවකාශ ගමන සාර්ථකයි | දිනමිණ

ලෝක ධනවතාගේ අභ්‍යවකාශ ගමන සාර්ථකයි

වයස්ගතම කාන්තාවත් ඒ අතර

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන අමෙරිකානු ජාතික ජෙෆ් බෙසොස් ඔහුට අයත් බ්ලූ ඔරිජින් නමැති සමාගම නිෂ්පාදනය කළ රොකට්ටුවකින් පසුගියදා අභ්‍යවකාශයේ චාරිකාවක නිරත විය.

රොකට්ටුවට සවි කළ කැප්සියුලරයක ආධාරයෙන් ඔහු සමඟ මේ ඓතිහාසික චාරිකාවට තවත් පුද්ගලයන් තවත් තිදෙනකු එක් වූ අතර, අභ්‍යවකාශය තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයාගේ වාර්තාව තබමින් 82 හැවිරිදි වොලී ෆන්ක් නමැති කාන්තාව ද ඒ අතර වූවාය.

මීට අමතරව ජෙෆ්ගේ සොයුරු මාක් සහ 18 හැවිරිදි නෙදර්ලන්ත ජාතික සිසුවකු ද මේ චාරිකාවට එක්වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

60 දශකයේදී අභ්‍යවකාශය තරණය කිරීමට පුහුණුව ලැබූ වයස්ගත කාන්තාවට එකළ ඒ සඳහා අවස්ථාව නොලැබුණේ කාන්තාවක විම හේතුවෙනි.

ජෙෆ් බෙසොස් මේ ගමනට ඇයට ආරාධනා කළේ ගෞරවනීය අමුත්තකු වශයෙනි. මේ අතර ඇය සමඟ මේ ගමනට සහභාගි වූ නෙදර්ලන්ත සිසුවා ද වාර්තාපොතට එක්වූයේ අභ්‍යවකාශය තරණය කළ ලොව ළාබාලතම පුද්ගලයා වශයෙනි.

මිනිත්තු 11ක් වැය වූ බොසෙස්ගේ අභ්‍යවකාශ චාරිකාවට පෙර බ්‍රිතාන්‍ය ජාතික කෝටිපතියකු වූ රිචඩ් බ්‍රැන්සන් එම ඓතිහාසික ගමන සම්පූර්ණ කර තිබිණි.

 

නව අදහස දක්වන්න