දකුණු කොරියාවේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙයි | දිනමිණ

දකුණු කොරියාවේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙයි

දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය සතියට වඩා වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. පෙරේදා දිනයේ පමණක් එරට කොවිඩ් ආසාදිතයන් 1784ක් වාර්තා වූ අතර, එය සතියකට පසු එරට වාර්තා වූ ඉහළම කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය බව විදෙස් පුවත් වාර්තා කළේය.

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ නව ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවදානමකට දකුණු කොරියාව මුහුණ දෙමින් සිටින අතර, පෙරේදා හමු වූ ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් බවට සැක කෙරේ.

කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තියත් සමඟ දකුණු කොරියාවේ සංචාරණ නීතිරෙගුලාසි යළි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර, සෝල් අගනුවර සහ ඒ අවට පළාත් අර්ධ වශයෙන් අගුළු දැමීමට ද කටයුතු කර ඇත.

 

නව අදහස දක්වන්න