නයිජීරියානු තුවක්කුකරුවෝ පැහැරගත් ගම්වැසියන් 100ක් මුදා හරිති | දිනමිණ

නයිජීරියානු තුවක්කුකරුවෝ පැහැරගත් ගම්වැසියන් 100ක් මුදා හරිති

නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් පසුගිය මාසයේදී පැහැර ගනු ලැබූ නයිජීරියාවේ උතුරුදිග ගම්මානයක් වූ මනාවාහි වැසියන් සියදෙනකු යළි මුදවා ගැනීමට එරට පොලීසිය සමත්වී ඇත. පසුගිය ජූනි මාසයේ 8 වැනිදා පැහැර ගැනීමට ලක් වූ එම ගම්වැසියන් පිරිස නිදහස් කරගැනීමට නයිජීරියානු පොලීසිය සමත්වූයේ දින 42කට පසුය.

මුදා ගත් පිරිස අතර කාන්තාවන් සහ දරුවන් ද සිටි බවත්, සියලුදෙනා යළි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට බාර දීමට පෙර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි වාර්තා වේ.

පැහැර ගත් පිරිස යළි මුදා හැරීමට තුවක්කුකරුවන් මීට පෙර කප්පම් මුදලක් ඉල්ලා සිටියද පසුගියදා කිසිදු කොන්දේසියකින් තොරව ඔවුන් මුදා ගැනීමට නයිජීරියානු පොලීසිය කටයුතු කළේය.

නව අදහස දක්වන්න