ත්‍රිකුණාමලයේ කොටි සැමරුම් තහනම් | දිනමිණ

ත්‍රිකුණාමලයේ කොටි සැමරුම් තහනම්

ත්‍රිකුණාමලය, උප්පුවේලි හා වරාය පොලිස් වසම්වල අද (23) පැවැත්වීමට සූදානම් කර තිබූ එල්ටීටීඊ සංවිධානයේ කළු ජූලි සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත් ස්මයිල් පයාස් රසාක් මහතා වරාණ නියෝගයක් නිකුත් කළේය.

ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසිය ඒ/ ආර්/ 1312/2021 දරන වාර්තාවක්ද , වරාය පොලිසිය ඒ/ආර්/1223/2021 දරන වාර්තාවක්ද උප්පුවේලි පොලිසිය ඒ/ආර්/1216/2021 දරන වාර්තාවක්ද මේ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එම වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සැමරුම් වාරණයට ලක් කරමින් මේ නියෝගය නිකුත් කළේය.

අධිකරණය නිකුත් කළ එම නියෝගයේ පිටපත් මෙය සංවිධාන කිරීමට කටයුතු කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ සංගමයේ සභාපති නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි පිල්ලේ නොහොත් ආශා, දෙමළ ජාතික මහජන පෙරමුණ උප ලේකම් රාමනාදන් ශ්‍රී ඥානේෂ්වරන් නොහොත් කන්නන් ත්‍රිකුණාමලය ටෙලෝ සංවිධානයේ පරමානන්දන් නිත්‍යානන්දන් නොහොත් නිත්‍යා මාස්ටර් හා ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලය පාරේ පදිංචි රමේෂ් නිකලස් නමැති අයට භාර දීමට පොලිසිය කටයුතු කළේය.

ත්‍රි/මලය විශේෂ ඒ. ටී. එම්. ජී. ගුණානන්ද

නව අදහස දක්වන්න