විපක්ෂයට පොදු න්‍යායපත්‍රයක් හදන්න එජාපය සැරසේ | දිනමිණ

විපක්ෂයට පොදු න්‍යායපත්‍රයක් හදන්න එජාපය සැරසේ

ශිරෝමි අබයසිංහ

විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කිරීමට සූදානම් වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගෙන ඇත්තේ සමඟි ජන බලවේගය බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඡන්ද විශාල සංඛ්‍යාවකින් පරාජයට පත්වීමත් සමඟය.

ගම් මට්ටමින් දේශපාලන වශයෙන් වැටී සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් බලශක්ති ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත වීම නිසා යම් ගැම්මක් ගෙන ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කරුණු දක්වා තිබේ.

ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ශක්තියක් ඇති බව පෙන්වීමටද එමඟින් අවස්ථාව උදාවී ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල නොවන මට්ටමින් සාකච්ඡා කළ එම මන්ත්‍රීවරුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

නව අදහස දක්වන්න