කළුදුරු තෙල්වලට ප්‍රතිශක්තිය නැංවීමේ විශේෂ හැකියාවක් තිබෙනවා | දිනමිණ

කළුදුරු තෙල්වලට ප්‍රතිශක්තිය නැංවීමේ විශේෂ හැකියාවක් තිබෙනවා

ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා

දිනෙන් දින ආසාදිතයන් වැඩි කරමින්, දේශීය මරණ සංඛ්‍යාව ඉහළ යමින් ජනතාව වෙත බලපෑම් කළ කොවිඩ් වයිරසයට තවමත් නිසි ඖෂධයක් සොයා ගෙන නැත. එනිසා නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතරේ ඉන් මිදෙන්න ඇති හොඳම ක්‍රමය වන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි. කොරෝනා මැඬලන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දායකත්වය මේ අවස්ථාවේදී විශාල වශයෙන් කතාබහට ලක් වී ඇත. දේහ ප්‍රතිශක්තිය වර්ධනයට අතීතයේ භාවිතයට ගැනුණු නොයෙකුත් ඖෂධීය වටිනාකම් ඇති ඖෂධ සහ ශාකසාර වර්තමානයේදීද භාවිතයට ගැනේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශවලද මෙවැනි ඖෂධීය වටිනාකමකින් යුතු විවිධ දෑ භාවිතයට ගැනේ. එවැනි පසුබිමක් තුළ ලෝකයේ කොරෝනා මැඬලන්න විශාල වශයෙන් කතාබහට ලක් වුණු ඖෂධයක් ලෙස කළුදුරු තෙල් හැඳින්විය හැක. වර්තමානයේදී විද්‍යාත්මක පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරුවල ඇති ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇත. වසර 3,000ක් තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු වර්තමානයේ ප්‍රතිශක්තිය වර්ධනයට ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිත කරයි. ආයුර්වේද සහ යුනානි වෛද්‍ය ක්‍රමවලද මෙහි භාවිතය හොඳින් සඳහන් කර තිබේ.

කළුදුරුවල අන්තර්ගත ප්‍රධාන සක්‍රීය සංඝටකය වන Thymoquinone මඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කරන බව ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල රැසක් කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මේ සංඝටකය මඟින් රුධිරයේ ඇති සුදු රුධිරානු ප්‍රමාණය හා එහි ප්‍රබලත්වය ඉහළ නංවන අතර, ශරීරයට ඇතුළු වන බැක්ටීරියා සහ වයිරස් වැනි විෂබීජ විනාශ කරයි. එනිසා කොවිඩ් -19 වැනි වයිරසවලට එරෙහිව සටන් කිරීමට මේ කළුදුරු සතුව විශාල හැකියාවක් ඇති බවට සඳහන් කළ හැකියි. සොබා දහමින් එල්ල වුණු මේ වයිරස අභියෝගයට කළුදුරු තෙල් තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක පමණ ප්‍රමාණයක් මී පැණි ස්වල්පයක් සමඟ කලවම් කර උදෑසන කෑමට පසු දිනපතා පානය කළහොත්, ඔබටත් සෞඛ්‍යවත් ජීවිතයකට උරුමකම් කියන්නටත් පුළුවන්.

 

නව අදහස දක්වන්න