කුලියට රබර් කැපීමට ගිය සිව් දරු මව වන අලි ප්‍රහාරයෙන් මරුට | දිනමිණ

කුලියට රබර් කැපීමට ගිය සිව් දරු මව වන අලි ප්‍රහාරයෙන් මරුට

කුලියට රබර් කිරි කැපිමට ගිය සිව්දරුමවකට වන අලි ප්‍රහාරයක් එල්ලවිමෙන් පසු ඇය එම ස්ථානයේදිම අද (23) උදෑසන මියගොස් තිබේ . 
 
මෙසේ මියගොස් ඇත්තේ බුත්තල ගෝනගංආර පොලිස් බල ප්‍ර දේශයට අයත් කෝනකැටිය කන්දේආර ගම්මානයේ පදිංචි කේ ඒ නිශාන්ති කුමාරි (35) යන අයයි.
 
ඉඩමේ හිමිකරු කිරිකපන්නට පැමිණි කාන්තාව නොමැති බව දැක ඒ සම්බන්ධයෙන් විමසිමට ඇය පදිංචි නිවසට ගොස් ඇති අතර නිවසේ නොමැති බැවින් ඇයගේ ස්වාමි පුරුෂයා සමග රබර් ඉඩමට පැමිණි අවස්ථාවේ රබර් ගස් අතර වැටි සිටි මෙ කාන්තාව දැක තිබේ .
 
ඉන් පසු ඔවුන් විසින් ගෝනගං ආර පොලිසියට ඇමතුමක් ලබාදි මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ . 
 
මෙම මරණයට අදාල හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදුකල අතර වනඅලියා විසින් සිදුකල පහරදීම හේතුවෙන් හිසට හා ගෙලට සිදුවි හානි හේතුවෙන් සිදුවු හදිසි මරණයක් බවට නිගමනය කරනලදි.

නව අදහස දක්වන්න