දිගාමඬුල්ලේ පිරිවෙන් 21කට වියළි ආහාර | දිනමිණ

දිගාමඬුල්ලේ පිරිවෙන් 21කට වියළි ආහාර

දම් සවිය ජාත්‍යන්තර පදනම මඟින් ක්‍රියාත්මක කර තිබෙන බොදු උදාන ව්‍යාපෘතිය යටතේ දිවයිනේ පිරිවෙන් විහාරස්ථානවල වැඩවසන භික්ෂුන් වහන්සේට දානය පිළියෙල කර ගැනීමට අවශ්‍ය වන වියළි ආහාර බෙදා දීමක් නැඟෙනහිර පළාතේ ඓතිහාසික දිගාමඬුල්ල බල ප්‍රදේශයේදී පසුගියදා සිදු කෙරිණි.

මෙහිදී ඓතිහාසික දිගාමඬුල්ල බල ප්‍රදේශයේ පානම්පත්තුවේ සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා තිබෙන පිරිවෙන් විහාරස්ථාන 21කට එම වියළි ආහාර මලු ප්‍රදානය කරන ලදි. මීට ඓතිහාසික දීඝවාපී රාජමහා විහාරස්ථ පිරිවෙන හා දිගාමඬුල්ල ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරස්ථානය ද ඇතුළත් විණි. මේ සඳහා එම පදනමට රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් වැය වී ඇත. මේ වියළි ආහාර මලු එම පිරිවෙන් විහාරස්ථානවලටම ගොස් ප්‍රදානය කිරීම මෙහි තවත් විශේෂත්වයකි.

මේ අවස්ථාවට අම්පාර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගම්පහ නාරද හිමියෝ ද දම් සවිය ජාත්‍යන්තර පදනමේ සභාපති බී. ටී. එස්. ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මහානාම විතානගේ - මල්වාන සමූහ සහ සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමූහ

 

නව අදහස දක්වන්න