බෝ සෙවණ පදනමෙන් වියපත් මවකට නිවෙසක් | දිනමිණ

බෝ සෙවණ පදනමෙන් වියපත් මවකට නිවෙසක්

අලුත්වැඩියා කර ගැනීමට නොහැකිව ගරා වැටෙමින් තිබූ නිවෙසක ජීවත්වූ 70 හැවිරිදි මවක් සහ අනතුරකට ලක්ව සිටින හා මානසික ආබාධයකින් පෙළෙන ඇයගේ පුතුන් දෙදෙනා වෙනුවෙන් නව නිවෙසක් ඉදි කර දීමේ කටයුතු බෝ සෙවණ සමාජ සත්කාර පදනම මඟින් පසුගියදා අරම්භ කළේය. ඉත්තපාන පොලිස් බල ප්‍රදේශයේ යගිරල, උඩුගම, හත්හවුල ප්‍රදේශයේ ගරාවැටුණු නිවෙසක ජීවත්වූ කොස්සිංහල විතානගේ මාලනී ස්වර්ණලතා නම් 70 හැවිරිදි මව සහ ඇයගේ පුතුන් දෙදෙනා වෙනුවෙන් මේ නව නිවස ඉදි කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මේ වයස්ගත මව ජීවත් වන නිවෙස පිළිබඳ ලැබුණු තොරතුරක් අනුව එම නිවෙසට ගිය බෝ සෙවණ සමාජ සත්කාර පදනමේ නිර්මාතෘ ආඳාවල ශ්‍රී මංගලාරාම විහාරවාසී බැරගම සුමන හිමියෝ ඇතුළු කණ්ඩායම විසින් ඔවුන් ජීවත් වන අබලන් නිවෙස යළි අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයේ තිබීම හේතුවෙන් මේ නව නිවෙස ඉදි කර දීමට තීරණය කර ඇත. මේ අවස්ථාවට කන්දේවිහාර පරිවේණාධිපති දාපනේ මහින්ද සහ බැරගම සුමන යන හිමිවරු ඇතුළු බෝ සෙවණ සමාජ සත්කාර පදනමේ ක්‍රියාකාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

බී. ටී. තඹවිට - මතුගම

 

නව අදහස දක්වන්න