'ඊශ්‍රායල් මිතුරෝ' සංවිධානයෙන් සූරියවැවට වියළි ආහාර | දිනමිණ

'ඊශ්‍රායල් මිතුරෝ' සංවිධානයෙන් සූරියවැවට වියළි ආහාර

'ඊශ්‍රායල් මිතුරෝ' සංවිධානයේ අනුග්‍රහයෙන් හම්බන්තොට හා සූරියවැව සිටින අසරණ පවුල් 150ක් සඳහා වියළි ආහාර බෙදා දීමක් පසුගියදා සිදු කෙරිණි. කොවිඩ් වයිරසය පැතිර යෑමත් සමඟ රැකියා සිදු කර ගැනීමට නොහැකිව අසරණව සිටින පවුල් 150ක් සඳහා මෙලෙස වියළි ආහාර බෙදා දෙන ලදි. ලංකාවේ සිට විදෙස් රැකියා සඳහා ඊශ්‍රායල් රටට ගොස් සිටින ලාංකික දූ පුතුන් විසින් පිහිටුවාගෙන ඇති ඊශ්‍රායල් මිතුරෝ සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් මේ සත්කාරය සිදු කර තිබේ. එක් පවුලක් සඳහා රුපියල් 4800ක වටිනාකමින් යුතු අංගසම්පූර්ණ වියළි ආහාර පාර්සලයක් මෙහිදී බෙදා දී ඇත.

නුවන් ජයසේකර - සූරියවැව විශේෂ

 

නව අදහස දක්වන්න