දොම්පෙට සෞභාග්‍යා නිෂ්පාදන ගම් 5ක් | දිනමිණ

දොම්පෙට සෞභාග්‍යා නිෂ්පාදන ගම් 5ක්

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතියට සමගාමීව දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ විසිතුරු මල් පැළ හා ගෙවතු වගා නිෂ්පාදනට කුරුඳුහේන ගම්මානය ද බිම් මල් නිෂ්පාදනට වානලුවාව ගම්මානය ද බට පැලලි නිෂ්පාදනය හා බට ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට පොකුරු ගම්මාන ලෙස කුට්ටිවල, තල්ගස්වත්ත, කැන්දගොල්ල යන ගම්මාන ත්‍රිත්වය ද ඉකුත්දා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ පියසේන කාරියප්පෙරුම, දොම්පේ ප්‍රාදේශීය ලේකම් එන්. ඒ. ඒ. එස්. නිශ්ශංකආරච්චි, සැලසුම් අධ්‍යක්‍ෂ ජේ. සී. ජයතිස්ස යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

සිසිල ගුණතිලක - ගම්පහ දිස්ත්‍රික් විශේෂ

 

නව අදහස දක්වන්න