මහජන ආරක්ෂක ඇමැති මහනාහිමිවරුන් බැහැදකී | දිනමිණ

මහජන ආරක්ෂක ඇමැති මහනාහිමිවරුන් බැහැදකී

උපාලි කරුණාරත්න

මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී මල්වතු පාර්ශ්වයේ මහ­ානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන, ගැටඹේ රාජොපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන , අස්ගිරි සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමිවරුන්ද ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ නිලංග දෑල බණ්ඩාර‍ මහතාද හමු විය. ඉතා ඉක්මනින් මත් උවදුර සමාජයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී ප්‍රකාශ කළ ඇමැතිවරයා කිසිවිටෙක තමා ඇමැතිව සිටින තාක් කල් ශ්‍රී ලංකා පොලිසියට පෙර රජයන් කටයුතු කළ ආකාරයට මෙන් මර්දනකාරී පිළිවෙත් අනුගමනය කිරීමට ඉඩ නොතබන බවත් පැවසීය.පොලීසිය ජනතා මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න