මීගමුවේ එන්නත්කරණයෙන් පළමු මාත්‍රාව දීම 80%කින් අවසන් | දිනමිණ

මීගමුවේ එන්නත්කරණයෙන් පළමු මාත්‍රාව දීම 80%කින් අවසන්

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ පළමු මාත්‍රාව ලබාදීම සියයට 80ක් අවසන් කරයි. මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත්කරණය සිදු කළ හැකි වයස් සීමාවේ සිටින සියයට 80කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබාදී අවසන් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවසීය.

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත් ලබාගත හැකි පිරිස 102,359 ක් වන අතර ඉන් 82,367 කට කොවිෂීල්ඩ්, සයිනාෆාම් හා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ත්‍රිත්වයෙන් කුමන හෝ එන්නතක් ලබාගෙන ඇත. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 17,100 කි.

සංචාරක හා ධීවර කලාපයක් ලෙස ප්‍රචලිත මීගමුව කොට්ඨාසයේ එන්නත්කරණය ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන තිබීම ඔවුනගේ ආර්ථික කටයුතු හා දෛනික කටයුතු පහසු කරලීමට වඩා ඉවහල් වනු ඇත.

ඒ අනුව ඉදිරි දින කීපයේ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ අදාළ සියලු දෙනාට පළමු මාත්‍රාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දෙන සහායට ස්තූති කරන බව රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න