ලක්ෂ 47ක කුඩු අත්තිඩියෙන් අල්ලයි | දිනමිණ

ලක්ෂ 47ක කුඩු අත්තිඩියෙන් අල්ලයි

සැකකරු සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු තොගය නිලධාරීන් පරීක්ෂා කළ අයුරු.

රුපියල් ලක්ෂ 47කට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් ග්‍රෑම් 400 මිලි ග්‍රැම් 250ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස බටෝවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයකු වන අදාළ සැකකරු භාරයේ තිබු රුපියල් 98,000ක මුදලක් සහ ⁣මත් කුඩුවල බර කිරීමට උපයෝගි කරගන්නා විදුලි තරාදියක්ද මෙහිදී සොයාගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් මේ වැටලීම සිදු කර ඇත. අදාළ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇති අතර විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර ඇත.

සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමුහ

නව අදහස දක්වන්න