සුවධරණි අන්තර්ජාතික ආයුර්වේද සඟරාවට Bio Extracts (Baraka) පූර්ණ අනුග්‍රහය දක්වයි | දිනමිණ

සුවධරණි අන්තර්ජාතික ආයුර්වේද සඟරාවට Bio Extracts (Baraka) පූර්ණ අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ටත්වය ලෝකයට පවසන සුවධරණි අන්තර්ජාතික සඟරාව පසුගියදා අරලියගහ මන්දිරයේදී එළි දැක්විණි. එම අවස්ථාවට ඇමැතිවරුන් වන නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සහ Bio Extracts ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහුද සහභාගි වූහ. සුවධරණි සඟරාවට පූර්ණ අනුග්‍රහය දැක්වූයේ Baraka සන්නාමයෙන් වෙළෙඳපොළට ආයුර්වේද නිෂ්පාදන සපයන ඊසද Bio Extracts ආයතනයයි. දේශීය ආයුර්වේදයේ සහ හෙළ වෙදකමේ විස්මිත සුවපත් කිරීමේ බලය ලෝකයට පවසන මාධ්‍යයක් ලෙස සුවධරණි අන්තර්ජාතික සඟරාව හඳුන්වා දුන්නේ දේශීය ආයුර්වේද, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයක් අනුවය. එම සඟරාව සඳහා මූල්‍ය සහ නිර්මාණ දායකත්වය දැක්වූයේ Bio Extracts ආයතනයයි. සුවධරණි සඟරාවේ දේශීය වෙදකම, ආයුර්වේදය සහ ස්වභාවික ශාකසාරයන්ගේ ඖෂධීය ගුණ පිළිබඳ වටිනා ලිපි, අදහස් සහ පර්යේෂණ තොරතුරු රැසක් අන්තර්ගතය. “දේශීය ආයුර්වේද නිෂ්පාදන ලෝකයට ගෙන යන ආයතනයක් ලෙස සුවධරණි අන්තර්ජාතික සඟරාව සඳහා අනුග්‍රහය දැක්වීම පිළිබඳ නිහතමානි සතුටක් තිබෙනවා. ඒ සඳහා කැප වූ සියලු දෙනාට සහ සඟරාව සඳහා අනුග්‍රහය දැක්වීමේ අවස්ථාව දුන් රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාටද හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමනවා.” Bio Extracts ඉහළ කළමනාකාරීත්වයේ නියෝජිතයකු පැවසීය. ස්වභාවික ශාකසාර උපයෝගි කර ගනිමින් නවීන තාක්ෂණය සහ විද්‍යාව භාවිතයෙන් රට තුළ නිපදවන ආයුර්වේද ඖෂධ නිෂ්පාදන Baraka සන්නාමයෙන් රටවල් 52කට වැඩි ප්‍රමාණයකට අපනයන කරන Bio Extracts ආයතනයේ ඖෂධ නිෂ්පාදන දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අතර GMP, HACCP, ISO 22000, ISO 14001 සහ Fair Choice සහතිකද ලබා ඇත. දේශීය ආයුර්වේද ක්‍රම ඔස්සේ ලෝකය සුවපත් කිරීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම දෙන Bio Extracts සමාගම පාරිභෝගිකයන්ට තවත් ආයුර්වේද ඖෂධ රැසක් හඳුන්වා දීමට පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කරයි.

 

නව අදහස දක්වන්න