උතුරු-නැඟෙනහිර පාසල්-රෝහල් මධ්‍යම රජයට ගැනීමට එරෙහිව උසාවි යනවා | දිනමිණ

උතුරු-නැඟෙනහිර පාසල්-රෝහල් මධ්‍යම රජයට ගැනීමට එරෙහිව උසාවි යනවා

උතුරු නැඟෙනහිර පාසල් හා රෝහල් පළාත් සභා පාලනයෙන් ඉවත් කොට මධ්‍යම රජයේ පාලනය යටතට ගැනීමට එරෙහිව දෙමළ ජනතා සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරණ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් මහතා පසුගිය දා (21) පැවසීය.

යාපනයේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් විග්නේස්වරන් මන්ත්‍රීවරයා පැවසුවේ මේ රටේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් බල සහිත නිසා රජයට පළාත් සභා පාලනය යටතේ පවතින රෝහල් හා පාසල් මධ්‍යම රජයේ පරිපාලනය යටතට ගැනීමට නොහැකි බවයි.

උතුරු නැඟෙනහිර පළාත්වල පාසල් හා රෝහල් මධ්‍යම රජය යටතට ගැනීමෙන් ඒවා දියුණු කිරීමට නොහැකි බව පවසන විග්නේස්වරන් මන්ත්‍රීවරයා මේ පළාත්වල තිබූ සාමාන්‍ය මට්ටමේ පාසල් ගණනාවක්ම ජාතික පාසල් බවට උසස් කොට මධ්‍යම රජයේ පාලනය යටතට ගත් නමුත් ඒ පාසල් වල අඩුපාඩු මේ ක්‍රමය නිසා වැඩි වී ඇති බවද පෙන්වා දුන්නේය.

රෝහල්වල තත්ත්වයද ඒ ස්වභාවයටම පත් වන නිසා තම පක්ෂය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා උතුරු නැඟෙගිර පළාත්වල පාසල් හා රෝහල් පළාත් සභා පාලනය යටතේම පවත්වා ගන්නා බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න