ග්‍රාමීය නගර 100ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළේ දෙවන අදියර යාපනයේදී - ධීවර ඇමැති | දිනමිණ

ග්‍රාමීය නගර 100ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළේ දෙවන අදියර යාපනයේදී - ධීවර ඇමැති

ග්‍රාමීය නගර 100ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළේ දෙවන අදියර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වේලනයි ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිත බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා කියයි.

නාවට්කුලි රජමහා විහාරයේ කොත නිරාවරණය කිරීම, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය මගින් තනා ඇති නිවාස 182ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීම හා නව නිවාස 34ක් ඉදිකිරීමට මුල්ගල් තැබීමද ,කන්කසන්තුරේ තිස්ස මහා විහාරයේ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකර ඇති සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කිරීමද අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සතියේදී සිදු කෙරෙන බව ද ඇමැතිවරයා පවසයි.

එමෙන්ම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිකරන ලද නිවාස 02කට හිමිකම් ඔප්පු ලබාදීමට යෝජිත බවත් නල්ලූර් කෝවිලේදී හා නයිනතිව් කෝවිලේදී හා නාග විහාරයේදී ආගමික වතාවත්වලට එක්වන අගමැතිවරයා පසුව නයිනතිව් ජනතාව වෙනුවෙන් ජල පිරිසුදු කිරීමේ ව්‍යපෘතියේ හා කාලයඩි ප්‍රදේශයට ජලය දීමේ ජල ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වීමට ද නියමිත බවත් ඇමැතිවරයා කියයි.

අගමැතිවරයාගේ මේ සංචාරය සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමින් ඇමැති දේවානන්දා මහතා මේ බැව් ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න