අන්තර් පළාත් බස්-දුම්රිය අගෝ: 1 දා සිට සීමිතව අරඹනවා - ප්‍රවාහන රාජ්‍ය ඇමැති | දිනමිණ

අන්තර් පළාත් බස්-දුම්රිය අගෝ: 1 දා සිට සීමිතව අරඹනවා - ප්‍රවාහන රාජ්‍ය ඇමැති

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට නවතා දැමූ පළාත් අතර බස් හා දුම්රිය සේවා ලබන අගෝස්තු මස 1 දා සිට සීමා සහිතව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවසීය.

සංචරණ සීමා ඉවත් කළත් නැතත් පළාත් අතර යම් බස් රථ සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීමට කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත කමිටුව අනුමැතිය දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සීමිත ප්‍රමාණයක් බස් හා දුම්රිය ධාවනයට පියවර ගනු ඇති බවත් එම බස් හා දුම්රියන් වන ගමන් කළ හැකි වන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන අයට පමණක් බවද කියා සිටියේය. පවතින තත්ත්වය හමුවේ නිසි නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට උපදෙස් දී ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

සුභාෂිණී සේනානායක සහ වැලිගම සමූහ

නව අදහස දක්වන්න