ජනතා අවශ්‍යතා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා - විපක්ෂ නායක | දිනමිණ

ජනතා අවශ්‍යතා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරනවා - විපක්ෂ නායක

මෙරට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා පසුගිය දා එසේ ප්‍රකාශ කළේ දිවුලපිටිය ප්‍රදේශයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, රටේ සියලු දෙනාම දන්නවා තෙල් මිල පහළ දමන්න අරගල කළේ කවුද, තෙල් මිල ඉහළ දමන්න සහයෝගය දුන්නේ කවුද කියා. පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් කියා සිටියේ තෙල් මිල ඉහළ දැමීම හොඳ බව. ඒ නිසා අප එම ජනතා ද්‍රෝහී ක්‍රියාවට අත් ඉස්සූ මන්ත්‍රීවරුන්ගේ ආසනවලට යනවා. අපේ ආණ්ඩුවක් බිහි කිරීමේ විප්ලවය අප ආරම්භ කරනවා. අපි විශ්වාස භංගයක් ගෙන ආ නිසා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ හැසිරීම ජනතාව දැක ගත්තා.

නව අදහස දක්වන්න