ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7ක් වෙළෙඳපොළේ | දිනමිණ

ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7ක් වෙළෙඳපොළේ

සුභාෂිණී සේනානායක

වෙළෙඳපොළේ පවතින මෙරට ලියාපදිංචි නොවූ ඖෂධ වර්ග සොයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙරට වෙළෙඳපොළේ ජාතික නියාමන ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 7කට ආසන්න සංඛ්‍යාවක් නීති විරෝධීව අලෙවි කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් මේ පියවර ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසීය.

ඒ අනුව දිවයින පුරා ඖෂධ අලෙවිසල් ආශ්‍රිතව එම ඖෂධ සොයා පරීක්ෂකවරුන් වැටලීම් ආරම්භ කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා සඳහන් කළේය. එලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ ඖෂධ අතර කොරෝනා ආසාදිතවූවන්ට බහුල වශයෙන් දෙන බවට සැලකෙන ඖෂධ මෙන්ම විටමින් වර්ගයක්ද වන බවද සඳහන් කළ හෙතෙම මෙරටට ඖෂධ ආනයනය කරනු ලබන පුද්ගලයකුගේ දෙහිවල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවූ නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඖෂධ විශාල තොගයක් සොයා ගනු ලැබූ බවද කියා සිටියේය.

ඒ අනුව අදාළ ඖෂධ ‍මෙරටට ආනයනය කළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.

නව අදහස දක්වන්න