නිසි ප්‍රතිපත්තියක් නැතිකමින් අධ්‍යාපනය වැනසිලා - මන්ත්‍රී පාඨලී චම්පික රණවක | දිනමිණ

නිසි ප්‍රතිපත්තියක් නැතිකමින් අධ්‍යාපනය වැනසිලා - මන්ත්‍රී පාඨලී චම්පික රණවක

වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති වීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා උසස් අධ්‍යාපනයට ඛේදවාචකයක් උදා වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

1943 සිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනා භුක්ති විඳි නිදහස් අධ්‍යාපනය පසුගිය අවුරුදු එකහමාරක පමණ කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මේ අනුහසින් සම්පූර්ණයෙන්ම වැනසී ගොස් ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුව ඇති බව රණවක මහතා පවසයි.

කොවිඩ් වසංගතය සමඟ දරුවන්ට හා ගුරුවරුන්ට එක විටම හිස මතට කඩා වැටුණු ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද කිසිදු සූදානමක් නොතිබූ බව මේ වනවිටත් ඔප්පු වී ඇති බව චම්පික රණවක මහතා පවසයි.

ඒ නමුදු 2010 සිට ලොව පුරා ප්‍රවණතාවක් සේ නැඟී ආ මේ මාර්ගගත අධ්‍යාපනය ක්‍රමයට යහපාලන ආණ්ඩුව පය තබමින් සුහුරු පන්ති කාමර සංකල්පය ඒ සඳහා අවශ්‍ය උපකරණ, නොමිලේ දෙන ටැබ් පරිගණක පන්ති කාමරයට අවශ්‍ය අධිවේගි අන්තර්ජාල පහසුකම් යනාදිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළද නව ආණ්ඩුව පත් වීමත් සමඟ ඒ සියලු ක්‍රියාමාර්ග අවලංගු කරනු ලැබූ බව ඒ මහතා කීය.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න