අධ්‍යාපන කප්පාදුවකට ආණ්ඩුව සැරසෙනවා - නලින්ද ජයතිස්ස | දිනමිණ

අධ්‍යාපන කප්පාදුවකට ආණ්ඩුව සැරසෙනවා - නලින්ද ජයතිස්ස

අධ්‍යාපනය හමුදාව හරහා සිදු කරමින් අධ්‍යාපන කප්පාදුවකට ආණ්ඩුව සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අධ්‍යාපන ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලීකරණ පනතක් බවද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මේ යෝජිත විශ්වවිද්‍යාල තුළ අනෙක් විශ්වවිද්‍යාලවල නැති මූලස්ථාන ව්‍යුහයක් තිබෙන බවත් එයින් අණ දෙන්නෙක් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය යටතේ මේ පනත කඩිනමින් හකුළා ගත යුතු බවත් නැති නම් එය හකුළා ගන්නා තෙක් සටන් කිරීමට සිදු වනු ඇතැයිද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 


නව අදහස දක්වන්න