ගාල්ල සිරමැදිරියේ ගෙල වැලලා ගත් රැඳවුම්කරුට කොරෝනා | දිනමිණ

ගාල්ල සිරමැදිරියේ ගෙල වැලලා ගත් රැඳවුම්කරුට කොරෝනා

ගාල්ල බන්ධනාගාරයේ සිරදඬුවම් විදිමින් සිටියදී ගෙල වැළලා ගෙන මියගිය සිරකරුවාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ සිරකරු මිය යෑමෙන් පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරණු ලැබූ පීසීආර් පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

සිරකරුවාගේ පළමු පෙළ ආශ්‍රිත රැඳවූවන් තිදෙනකු නිරෝධායනය සඳහා යොමු කොට ඇති බවද ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයකු පැවසීය. සිරකරුවා ඉකුත් 21 දා රාත්‍රියේ සිරමැදිරිය තුළදි ගෙල වැළලාගෙන මියගොස් තිබිණි. මොහු බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා සිට ඇති අතර, ඔහු සරම් පටකින් සිරමැදිරිය තුළදී ගෙළ වැළලාගෙන මියගොස් තිබිණි. බන්ධනාගාර නිලධාරීන් විසින් මොහුගේ ගෙලෙහි හිරවී තිබූ සරම් පටිය ඉවත්කොට මොහු කරාපිටිය රෝහලට රැගෙන යෑමට කටයුතු කළද ඒ වන විටත් මොහු මිය ගොස් සිටී ඇත.

නව අදහස දක්වන්න