ඉගෙනුමෙන් ජීවිතය ජය ගනිමු | දිනමිණ

ඉගෙනුමෙන් ජීවිතය ජය ගනිමු

 “ඉගෙනීම කටු අත්තකි එහි ඵලය මල් ඉත්තකි ” ලෙසට පැරණි කියමනකි. සැබැවින්ම ඉගෙනීම කොතරම් දුෂ්කර වූවත් සමාජය තුළ පිළිගැනීමක් ඇත්තේ ද උගත් පුද්ගලයාටයි. එය විවාහයේදි , රැකියාවෙන් ඉහළ තැනකට යෑමේදී උගත් පුද්ගලයට ඉහළ පිළිගැනීමක් ඇත. මිනිසෙකු මව් කුස තුළ පිළිසිඳ ගත් මොහොතේ සිට ඉගෙනීම ආරම්භ වේ. මෙලෙස අරඹන ඉගෙනීම ජීවිතේ අවසන් හුස්ම වැටෙන මොහොත දක්වා නිමක් නැත. බොහෝ පුද්ගලයින් සිතනුයේ පාසල් විභාග අවසන් වන විට ඉගෙනීම ද අවසන් කියාය. කුඩා කල දරුවකුගේ ප්‍රථම ගුරුවරු වන්නේ මව්පියන්ය. මව්පියන් හමුවේ යහපත් ගුණාංග ඉගෙන ගන්නා දරුවන් පාසල් කාලයේදී පාසල් ගුරුවරුන්ගෙන් ඉගැන්වීම් කාර්යය ඉටු කරයි. ඉගෙනීම යනු පොතේ පතේ දැනුම නොව සමාජයීය වශයෙන් යහපත් පුරවැසියන් බිහි වීමට ආචාරධර්ම, සාරධර්ම, සිරිත් විරිත් හා හොඳ නරක පිළිබඳ අවබෝධය ලබා ගැනීම ද ඉගෙනුමයි. නොදන්නා දෙයක් ඉගෙනීමට, දැනගැනීමට කවරෙකුට හෝ බාධාවක් නැත. එයට අවශ්‍ය වන්නේ උනන්දුව පමණි. නමුත් ඉගෙනීමට ගොස් වැරදි දේ ජීවිතේට ජීවිතයට ළංකර ගත නොකළ යුතුය. අප සමාජයෙන් ඉගෙන ගත යුත්තේ යහපත් දේවල්ය. අද ඉගෙන ගත් දෙයින් හෙට දවසට ප්‍රයෝජනවත් විය හැකිය. ඒහින් ඉගෙන ගත් දෙයක් කෙදිනකවත් අහක යන්නේ නැත.

ජීවිතේ කොතරම් බාධා දුක් කම්කටොලු පැමිණිය ද සියල්ලම තුළින් යම් ඉගෙනීමක් වේ. එවැනි සිදුවීමක් නැවත නොවන්නට වැරැද්ද සකසා ගන්න පෙර අත්දැකීම් ප්‍රයෝජනවත් වේ. අත්දැකීම් තුළින් ලබනුයේ ද යම් ඉගෙනීමකි. අප සමාජයේ ජීවත්වන මිනිසුන් විවිධාකාරය. ඔවුන් ඇසුරු කිරීමෙන් පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය ඉගෙන ගැනීමට හැකිය. එයින් සමාජයේ තුළ ඒ ඒ පුද්ගලයාට ගැලපෙන ආකාරයට ඇසුරු කිරීමට අවස්ථාව ඇති වනු ඇත. ජිවත් වන කාලය තුළ ගෙවෙන සෑම තත්පරයකම ඇත්තේ ඉගෙනීමයි. සැබැවින්ම ඉගෙනීමට ගුරුවරුන් අවශ්‍ය නැත. ස්වයං ඉගෙනීම ද ඉතා වැදගත්ය. අප සමාජයේ සිටින සෑම පුද්ගලයෙක්ම ඉගෙන ගැනීමට කුමක් හෝ දෙයක් ඇත. එහිදී ඔබට වඩා වයසින් බාල වුව ද ඉගෙනීමට යම් දෙයක් ඇති ද එය නිහතමානීව පිළිගත යුතුය. පාසල් කාලයේදි හොඳින් ඉගෙන ගන්නා පුද්ගලයාට පසු කාලිනව ඉහළ වැටුපක් සහිත හොඳ රැකියාවක් ලැබෙනු ඇත. ඔබගේ අනාගතය සාර්ථක වනුයේ ඔබගේ උත්සාහය, හැකියාව හා උනන්දුව මතයි. ඉගෙනීමට අපට වෙලාවක්, ස්ථානයක්, වයසක් අවශ්‍ය නැත. ඉගෙනීම මතු ජීවිතයේ සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන වටිනා දෙයකි. කිසිම සොරෙකුට හෝ සතුරෙකුට එය බලෙන් උදුරා ගත නොහැකිය. එහිදි ඔබට අවස්ථාවක් ලැබෙනුයේ කවර මොහොතක ද එම කාලය ඉගෙනිමට යොදවන්න

දිලංකා විජේරත්න

නව අදහස දක්වන්න