SLTMOBITEL කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාග කරයි | දිනමිණ

SLTMOBITEL කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාග කරයි

කොවිඩ් - 19 මර්දනය කිරීමේ ජාතික සටනට උරදෙමින් SLTMOBITEL වෙතින් කෑගල්ල මහ රෝහලට අවශ්‍ය ඉහළ යැපුම් ඒකක (HDU) ඇඳන් එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි.එම්.එම්. ප්‍රියංගනී මහත්මිය වෙත බාර දී තිබේ.

දැඩි සත්කාර අවශ්‍ය වන කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති, කෑගල්ල මහ රෝහලේ 13 වැනි වාට්ටුවට මෙම ඇඳන් ලබා දෙන බව අධ්‍යක්ෂවරිය පැවසුවාය.

SLTMOBITEL ක්‍රියාවට නංවා ඇති ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබේ. මීට අමතරව ‘දාන පාරමිතා’ වැඩසටහනට සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙතින් ලැබුණු දායකත්වය වෙනුවෙන් ද SLTMOBITEL සිය කෘතඥතාව පළ කර සිටී.

 

නව අදහස දක්වන්න