බාර් අරින්න තීරණය කළේ කවුද යන්න ගැටලුවක් - ජවිපෙ නායක | දිනමිණ

බාර් අරින්න තීරණය කළේ කවුද යන්න ගැටලුවක් - ජවිපෙ නායක

බාර් අරින්න තීරණය කළේ කවුද යන්න දැන් ගැටලුවක් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එම පක්ෂ කාර්යාලයේ දී පෙරේදා (19) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම පැවසුවේ බාර් බොහොමයක අයිතිය ඇත්තේ මන්ත්‍රීවරුන්ට බවයි. ස්කාගාර පවා අයිති මන්ත්‍රීවරුන්ට බැවින් ඔවුන්ගේ අදායම් ගැන ආණ්ඩුව අවධානය යොමු කර බාර් ඇරියා වෙන්නට ඇතැයි ද හෙතෙම කීවේය.

මෑත කාලයේ රටක් ලෙස බරපතළම ආර්ථික අර්බුදයකට අප මුහුණ දී සිටිනවා. ආදායම බිලියන 482යි. ගෙවිය යුතුව තිබෙන වියදම් බිලියන 1678යි. මේ වසර අවසන් වන විට බිලියන 8.5ක පමණ වෙළඳ හිඟයකට මුහුණ දීමට සිදුවෙනවා. චීනයට වරායේ අක්කර 13ක් දීමට යන්නේ මෙම තත්වය තුළයි. ආණ්ඩුවට ණය ගන්න නම් ජනතා දේපළ විකුණන්න වෙලා. මේක මස්පිඩු පෙනන්ලා විසඳන්න පුළුවන් ගැටලුවක් නෙවෙයි. ආණ්ඩුවේ කණ්ඩායම් සහ පුද්ගලයන් තම තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගැටුම් ඇතිකර ගත්තාට රටට හානිකර දේවලට එරෙහිව ඔවුන් අතර ගැටුමක් නැහැ. ඔවුන් රණ්ඩු කරන්නේ තමන්ගේ ඕ.අයි.සී. මාරුකර වෙනත් ඇමැතිවරයෙකුගේ ඕ.අයි.සී. කෙනෙක් පත්කිරීම වගේ දේකටයි. යැයි ද කීවේය.

නුවන් හෙට්ටිආරච්චි

නව අදහස දක්වන්න