මිස් ටීන් බොට්ස්වානා ඉන්ටර්නැෂනල් 2021 කිරුළ ගිම්හානි පෙරේරාට | දිනමිණ

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටර්නැෂනල් 2021 කිරුළ ගිම්හානි පෙරේරාට

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 තරගයේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් වන ගිම්හානි පෙරේරා ඊයේ (20) සමත් වූවාය.

ඇය බොස්ට්වානා රාජ්‍යයේ ‘පිලික්වේ’ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරගයට එක්වී තිබිණි.

මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත් වී සිට ඇති අතර අවසන් වටය සඳහා තේරුණු 14 දෙනා අතුරින් ඇය මෙම කිරුළ දිනා ගත්තාය.

ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරගයකට ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් තමා සුදුසුකම් ලබන බව 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.

නව අදහස දක්වන්න