අගමැති යළි පැමිණෙයි | දිනමිණ

අගමැති යළි පැමිණෙයි

නුවන් කොඩිකාර

ජී20 අන්තර් ආගමික සමුළුවට එක් වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ (20) අලුයම නැවත මෙරටට පැමිණියහ.

ඒ අනුව අළුයම 12.01ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 309 දරන ගුවන් යානයෙන් අගමැතිවරයා ප්‍රමුඛ දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියහ.

“සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්න තේමා කරගනිමින් පසුගිය (12) වැනිදා බොලොඤ්ඤාහි පැවැති ජී20 අන්තර් ආගමික සමුළුව 2021 (G20 Interfaith Forum Italy) වේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අගමැතිවරයාට ආරාධනා කර තිබිණි.

ජී20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව වූ රාජපක්ෂ මහතා මෙම සංචාරය අතර තුර රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට සහභාගි වූ අතර ඒ සඳහා පසුගිය (10) වැනිදා දිවයිනෙන් පිටත්විය.

නව අදහස දක්වන්න