යතුරු පැදි අනතුරකින් යුද හමුදා සෙබලෙකු මරුට | දිනමිණ

යතුරු පැදි අනතුරකින් යුද හමුදා සෙබලෙකු මරුට

කැකිරාව පොලිස් කොට්ඨාශයේ පෙරියකුලම ප්‍රදේශයේ ඊයේ (20)  දහවල්  සිදු වු  යතුරුපැදි අනතුරින් පැදිකරු රෝහල වෙත රැගෙන යමින් සිටි ය දි  මරණයට පත්වී ඇතැයි  කැකිරාව පොලීසිය පවසයි.
 
 
විදුලි රැහැන් ඇදීමට  යොදා ගන්නා කොන්ක්‍රිට් කණු තොගයක් පටවාගෙන  නුවර, යාපනය ඒ 09 මහ මාර්ගයේ මරදන්කඩවල දෙසට ගමන් කරමින් සිටියදී  පෙරියකුලම  කිලෝමීටර් 108 කණුව ආසන්නයේ  නවතා තිබු ලොරියක පිටුපස ගැටුන යතුරු පැදිය ලොරිය තුල  සිරවි තිබුනි.
 
 අනුරාධපුර යුද හමුදා කදවුරක  සේවයේ  නියූතුව  සිටි මනෝජ් සම්පත් නැමති 22 හැවිරිදි සෙබලා  නිවාඩූ ලබාගෙන මොනරාගල, දොඹගහවෙල පිහිටි තම නිවස වෙත  යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදී මෙම අනතුරට භාජනය වී ඇත.
 
අනතුරෙන් දැඩිලෙස තූවාල සිදුව තිබූ පැදිකරු අනුරාධපුර රෝහල වෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබේ.
 
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කැකිරාව පොලිසිය විසින් සිදු කරයි
 
 
(තිරප්පනේ සමුහ ඩි ජේ දිසානායක)
 

 

නව අදහස දක්වන්න