සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක් ‘ වැඩසටහනින් ඇතාවැටුණු වැවට ජීවය දෙයි | දිනමිණ

සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක් ‘ වැඩසටහනින් ඇතාවැටුණු වැවට ජීවය දෙයි

මෙරට ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා කැප වූ සම්පත් බැංකුවේ සුවිශේෂි සමාජ සත්කාරක වැඩසටහන වන ‘වැවට ජීවයක්‘ වැඩසටහන පසුගියදා සිය අභිමානවත් දසවැනි පියවර සනිටුහන් කරනු ලැබුවේ ආණමඩුව, දිවුල්වැව - ඇතාවැටුණු වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි. වාරි සංස්කෘතියක් තුළින් ශක්තිමත් වූ මෙරට කෘෂිකර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් ආරම්භ කරනු ලැබූ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්‘ වැඩසටහන තුළින් අභාවයට යමින් පවතින මෙරට වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම කරනු ලබයි. ඒ තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ට වඩා සරුසාර අනාගතයක් උදා කර දීම සම්පත් බැංකුවේ අරමුණයි. එය නැවත නැවතත් යථාර්තයක් බවට පත් කරමින් එම වැඩසටහන යටතේ ජීවය ලබන 10 වැනි වැව ලෙස ආණමඩුව, දිවුල්වැව ඇතාවැටුණු වැව ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු ආරම්භ කරනු ලැබුවේ පවතින කොවිඩ් අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යමින් ජීවිත ජය ගැනීම සඳහා ගොවි ජනතාව සවිබල ගන්වමිනි.

කුඹුරු අක්කර 60කට වැඩි ප්‍රදේශයක වී වගාවට අවැසි ජලය සපයන ඇතාවැටුණු වැව අක්කර 20ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී ඇත්තේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සුවහසක් බලාපොරොත්තුද සමඟිනි. වී ගොවිතැනෙහි සශ්‍රීකත්වය වෙනුවෙන් පමණක් නොව සත්ත්ව පාලනය සඳහා ද ප්‍රමුඛ ජල සැපයුම් මාර්ගයක් වන ඇතාවැටුණු වැව එම ප්‍රදේශයේ පමණක් නොව අවට ප්‍රදේශයන්හි ජනතාවගේ විවිධ ජීවනෝපායන් නඟා සිටුවීම වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් දක්වන්නකි. ඒ සියලු දේ තුළින් 500කට අධික පිරිසක් වෙත සවියක් වන්නට ඇතාවැටුණු වැවට හැකිව ඇත්තේ පාරිසරික සුන්දරත්වයේ මෙන්ම ගස් වැල්වල ද, සතා සීපාවාගේ ද අසීමිත සම්පතක් බවට පත් වෙමිනි.

නව අදහස දක්වන්න