නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් ව්‍යාපාරවලට අත්වැලක් | දිනමිණ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් ව්‍යාපාරවලට අත්වැලක්

ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකායෙන් 70% කට පමණ රැකියා අවස්ථා උදා කර දී ඇති මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ කාර්මික නිෂ්පාදනයෙන්

තුනෙන් එකකට පමණ දායක වෙයි. එමෙන්ම මේ ව්‍යාපාර අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට දෙන දායකත්වය සුළුපටු නොවේ. එහෙත් රටේ ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ල වන සෑම අවස්ථාවකදීම ඊට සමගාමීව අභියෝග රාශියකට මුහුණ දීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සිදු වේ. මෙය කොවිඩ් ව්‍යාප්තිය සමඟින් අපට වඩාත් පැහැදිලි විය. මෙවැනි තත්ත්වයක් හමුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සවිමත් අත්වැලක් වෙමින් වගකීම් සහගත මූල්‍ය සේවා සම්පාදකයකු ලෙස එම ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන වර්ධනයට උරදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සූදානමින් සිටී.

“රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීමේ වගකීම භාර ගනිමින්, ඔවුන්ගේ දීර්ඝ කාලීන වර්ධනය උදෙසා ඔවුන් සමඟ අත්වැල් බැඳ ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කර තිබෙනවා. මෙහිදී එම ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ මූල්‍ය පහසුකම්, ඩිජිටල් තාක්ෂණය, අතිනවීන බැංකු සේවා විසඳුම් සහ උපදේශන සේවාවන් සමඟ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලදී බෙහෙවින් ප්‍රයෝජනවත් වන මුදල් කළමනාකරණ සේවා එකතුවක්ද හඳුන්වා දීමට පියවර ගත්තා” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වාණිජ බැංකුකරණ, අරෝෂ ලියනාරච්චි මහතා පැවසීය.

නව අදහස දක්වන්න